හෙරොයින් කිලෝ 68ක් සමඟ යුවළක් දැලේ

0
407

මාතර, දෙයියන්දර, දෙනගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් කිලෝ68ක් සමග යුවළක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. එහිදී අදාළ හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකාරිය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් සැකකරු මීගමුව, කටාන ප්‍රදේශය පදිංචිකරුවෙකු බවටත් අනාවරණය වී ඇතැයි සදහන්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here