Saturday, September 21, 2024

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ ඊයේ( 30 ) දින දහවල් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එම හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (31) අළුයම ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. 

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරු මත ඊයේ දහවල් කාලයේ ගැඹුරු මුහුදේ සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක සහිත බහුදින ධීවර යාත්‍රාවක් නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ඇත එහිදී එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ උර 10ක පාර්සල් 259ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවෙහි සිටි සැකකරුවන්  05 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. 

මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදා භාරයට ගන්නා ලද  බහුදින ධීවර යාත්‍රාව ජූලි මස 30 වන දින ගොඩබිමෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාව වෙත ලබා ගන්නට ඇතැයි සැක කෙරේ.

එමෙන්ම නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ  වටිනාකම රුපියල් මිලියන 2321කට අධික වෙතැයි විශ්වාස කෙරේ. පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 ත් 37 අතර වයසේ පසුවන අහුංගල්ල, බලපිටිය සහ හබරාදුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට  නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව  සිදුකරමින් පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles