Friday, September 20, 2024

හෙළ උරුමයේ විශ්‍රාම ගිය දේශප්‍රේමීන් මට මඩගහනවා – ගම්මන්පිල

බොදු බ‍ලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඒ අසල රැඳී සිටීම දැඩි විවාදයට හේතුවූ කරුණක් වූවත් තමන් ඒ ස්ථානයේ රැඳී සිටියේ ප්‍රශ්නය විසඳීමට බව ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශකර ඇත.

“මම ඔය සිද්ධිය වෙන දවසේ ඒ පැත්තේ පාසලක තිබුණු උත්සවයකට ගිහින් එන ගමන් මට කීප දෙනෙක්ම කිව්වා හෝමාගම උසාවිය ලඟ මෙහෙම ගැටුමක් ඇතිවෙන්න යනවා කියලා, ‍එහෙම ගැටුමක් ඇති‍වුණොත් ඒක උසාවියට වගේ බෞද්ධයාටත් හොඳ නැති නිසයි මම එතනට ගියේ. 5.40 ට එතනට ගියපු මම 6 වෙද්දි ප්‍රශ්නය විසඳලා ඥානසාර හාමුදුරුවන්ව ගෙනයන්න ඉඩ හදලා තත්ත්වය නිරාකරණය කලා. මොකද අදටත් මිනිස්සු ඉස්සරහ කෙලින් ඉඳගෙන වැඩ කරන්න මට හයිය තියන නිසා”

බොදු බලසේනා සංවිධානය සමග රහස් සබඳතාවක් ඇතිබවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා දැක්වූ අදහස මෙසේය.

“මට ඔය සංවිධාන එක්ක කිසිම සම්බන්ධයක් නෑ, මට චෝදනා එල්ලකරන්නේ ජාතික හෙළ උරුමයේ විශ්‍රාම ගියපු දේශප්‍රේමීන් තමයි”

(ජනරඟ දේවසුරෙන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles