Monday, January 13, 2025

හෙළ සිනමාවේ ජේම්ස් බොන්ඩ් ජීවන ගමනට සමුදෙයි

ක්‍රියාදාම සටන් කලා සිනමාව සිංහල සිනමාවේ ප්‍රචලිත කිරීමට අනුපමේය මෙහෙයක් කල හෙළ සිනමාවේ ජේම්ස් බොන්ඩ් තිරයෙන් බැස යයි.

සම්මානනීය ප්‍රවිණ රංගධර ,සටන් නළු රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ (08) උදෑසන දිවි රඟමඩලෙන් සමු ගත්තේය.මිය යනවිට 84 වියේ පසුවිය.

1964 වසරේ ප්‍රථම චිත්‍රපටය “චණ්ඩියා” තුළින් සිනමා රංගනය ට අත්පොත් තැබීය.එහෙත් “ධීවරයෝ” චිත්‍රපටය ඔහු රඟපෑ පළමුව ප්‍රදර්ශනය වූ චිත්‍රපටය විය. සැඟවෙන සෙවනැල්ල,සිගප්පුරු චාලී, සිකුරුලියා, සිරිපාල සහ රන් මැණිකා, සුර දුතියෝ, සප්ත කන්‍ය, හතර කෙන්දරේ, බයිසිකල් හොරා, කවුද හරි, හතර පෙරළිය, ඔහොම හොඳද, රන් ඔංචීල්ලා, අභීරහස, යනාදී ජනප්‍රිය,සාර්ථක චිත්‍රපට 80 කට වැඩි ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

බයිසිකල් හොරා, කවුද හරි, ඔහොම හොඳද, රන් ඔන්චිල්ලා, බිඳුණු හදවත්, හාරලක්ෂය, හිතක පිපිණු මල්, ලොකුම හිනාව, සිංගප්පූරු චාලි, අපරාධය හා දඬුවම, සිහසුන, ජීවන ගංඟා, සිකුරු ලියා, සිරිපාල සහ රන් මැණිකා, වීරපුරන් අප්පු, අපේක්ෂා, සංඛපාලි, බඹා කෙටූ හැටි, ලොකු තාත්තා, විසිදැල, දඩබිම, සුසීමා, මහරජ අජාසත් ඇතුලු සිනමා නිර්මාණ 93ක සිය කුසලතා විදහා දැක්වීමට රොබින් ප්‍රනාන්දු සමත්වුණා.

එසේම රුහුණු කුමාරි චිත්‍රපටයේ පටන් එතුමන් ලංකාවේ බොහෝ චිත්‍රපට වල සටන් අධ්‍යක්ෂනය කරන ලදි.

පුංචි තිරයේ රංගනයටද දායකවී ඇති එතුමා බෝගල සවුන්දිරිස්, සෙක්කු ගෙදර , සෙක්කු ගෙදර, වස්සානයේ හිරු ඇවිදින් ආදී ටෙලි නාට්‍ය රැසකටද සිය රංගන දායකත්වය ලබා දී ඇත.

දළුගම සරසවි චිත්‍රාගාරයේ පාලකවරයා වශයෙන් ද කාලයක් පුරාවට සේවය කළ ඔහු ඉකුත් වසරේ එනම් 2018 වසරේ සරසවිය රණතිසර සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) සිදු කිරීමට නියමිතය. දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles