හොරණ – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් ට දැනුම්දීමක්

0
278

හොරණ – කොළඹ මාර්ගයේ කොහුවල හංදියේ, පොදු ප්‍රවාහන බස්රථ හැර සෙසු වාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස 21 වන දා සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කෙරේ.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කර ඇති අතර, රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.

මාර්ග සංවර්ධන අධිකාරියේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here