පරිවාස භාරයට පත් කිරීමට හෝරා කිහිපයක් තිබියදී සිය දරුවා රඳවා තිබූ නිවසට පැන ටී. 56 ගිනිඅවියකින් වෙඩි තබා යකා නටමින් ඔහුගේම දරුවා පැහැර ගෙන ගිය ඉලිබේ රංජිගේ පුතා නොහොත් ‘නීලක’ නමැති අපරාධ කල්ලි සාමාජිකයා ඊයේ (17 දා) සවස පොලිසිය හා සිදු වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වී තිබේ.
එහිදී එල්ල වූ වෙඩි පහරකින් හොරණ නීලක නමැත්තා තුවාල ලබා ඇත. තුවාල ලබා සිටි සැකකරු හොරණ මූලික රෝහලට ගෙන යමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය සඳහන් කළේය.
සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කර තිබුණා
එම සිද්ධියෙන් අනතුරුව ඔහුගේ දරුවා නැන්දම්මා භාරයේ සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා දැඩිව ඇබ්බැහි වූවකු බවත් පොලිසිය කියයි.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වීය.
මෙම සැකකරු විසින් දරුවා පැහැරගෙන ගිය බවට පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු හොරණ බැල්ලපිටිය බීඩිකොළ හන්දිය ප්‍රදේශයේ සැඟව සිටි නිවස වැටලූ පොලිසිය හා විශේෂ පොලිස් කාර්ය බලකා නිලධාරීන්ට සැකකරු වෙඩිතබා ඇත.
නිවස වටලා ඇති බව දුටු සැකකරු පොලිසිය වෙත වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පොලිසිය පෙරළා එල්ල කළ වෙඩි ප්‍රහාරයට ලක්ව සැකකරු තුවාල ලබා තිබේ. තුවාල ලැබ සිටි සැකකරු හොරණ රෝහලට ගෙන යන අතරතුර මියගොස් ඇත.