Sunday, September 22, 2024

හොරෙන් ගෙන්වූ ලක්ෂ77ක කහ තොගයක් අල්ලයි

නීති විරෝධීව මෙරටට ගෙන්වා හලාවත ව්ට්ටක්කලිය කාවාටියා වත්ත ප්‍රදේශයේ දි ලොරියක පටවමින් තිබු වියළි සහ තොගයක් සමග සැකකරුවන් 7දෙනෙකුද ලොරියක්ද අද ( 9 ) අලුයම හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන ඒකකයන්හි නිලධාරින්ගේ මෙහෙයැවීමෙන් සිදු කළ වැටලීමක දි අත් අඩංගුවට ගෙන ඇත.

හලාවත මාරාවිල හා ආරච්චිකට්ටුව යන පොලිස් ස්ථානයන්හි බුද්ධි විමර්ශන නිලධාරින් වෙත ලැබී තිබු තොරතුරු පදනම් කර ගෙන එම ඒකකයන්හි නිලධාරින් ඒකාබද්ධව වට්ටක්කලිය කාවාටියා වත්ත ප්‍රදේශයේ සැගව සිටිය දි ලොරි රථයක් පැමිණ කලපු ඉවුර වෙත නවතා තිබී ඇත.

ඒ අනුව පොලිස් නිලධාරින්  සුදානමින් සිටිය දි එක් දින යාත්‍රාවක් කලපුව ඔස්සේ පැමිණ ලොරිය නවතා තිබු ස්ථානයේ කලපු ඉවුර වෙත පැමිණ නවතා ඇති බවත් එහිදි පුද්ගලයින් කිහිපදෙනෙකු  යාත්‍රාවේ තිබු උර ලොරියට පටවමින් සිටිය දි පොලිස් නිලධාරින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුවන පරික්ෂා කළ අවස්ථාවේ දි පෝර උර 37 ක බහා, නීති විරෝධිව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වු වියළි කහ කිලෝ 1110 ක් තිබු බවත් පොලිසිය කියයි.එහි මෙරට විවෘත වෙළද පලේ වටිනාකම රුපියල් ලක්ෂ 77කි.

පොලිසිය පැමිනි බව දැන ගත් යාත්‍රාවේ පැමිණි පිරිස කලපුව ඔස්සේ පලා ගොස් ඇති අතර සැකකරුවන් දඹදෙණිය වැවගම කටුගම්පොල මන්නාරම හා කරුකුපොනේ පදිංචිකරුවන් වශයෙන් හදුනා ගෙන ඇත.

අත් අඩංගුවට ගත් කහ තොගය ලොරිය සහ සැකකරුවන් අද ( 9 දා ) දහවල් හලාවත අධිකරණය හමුවනට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles