හොර පාරේ ඖෂධ ගෙන්නූ පුද්ගලයෙක් කටුනායකදී කොටුවෙයි..

0
366

නිසිබලපත්‍රයක් නොමැතිව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මිල අධික ඖෂධ පෙති තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද අත්අඩංගුවට ගත්තා.

පොලීසිය සදහන් කළේ ඔහුගේ ගමන් මල්ලේ තිබී ඖෂධ පෙති 2080ක් පමණ සොයා ගත් බවයි.

සැකකරු අකුරන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here