Friday, September 20, 2024

හොර පාස්පෝට්, වීසා සකස් කිරීමේ මහා ජාවාරමක් හෙළිවෙයි..

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර ඇතුළු ව්‍යාජ ලිපිලේඛන සකස් කිරීමේ මහ පාරිමාණ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය විසින් අනාවරණය කරගෙන තිබේ.

පසුගිය මස  03 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ව්‍යාජ ගමන් බලපත්‍රය සහ ව්‍යාජ කුවේට් වීසා බලපත්‍රයක් සමග කාන්තාවක අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ජාවාරම පිළිබද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ගමන් බලපත්‍ර  28ක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

එම සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර 75කට වැඩි ප්‍රමාණයක් සහ විවිධ පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් කිහිපයක් සොයාගෙන තිබේ.

එමෙන්ම එම නිවසේ තිබී ව්‍යාජ ලියකියවිලි සකස් කිරීමට උපයෝගි කරගත් මුද්‍රණ යන්ත්‍ර  කිහිපයක්,ව්‍යාජ මුද්‍ර සහ රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් සොයාගෙන ඇති අතර ජාවාරම සිදුකිරීම සඳහා යොදාගත් මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් පොලීසිය බාරයට ගෙන ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ජාවාරම මෙහෙය වු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles