හොර වැඩ මාට්ටුවෙයි. කොරෝනා නිසා බේරෙයි

0
535

ඉන්දීය ධීවරයන් 12 දෙනකු විසින් උතුරු පළාතට බෝට්ටුවකින් රැගෙන එන ලද වියළි කහ කිලෝ ග‍්‍රෑම් 2790 ක් සහ එනසාල් කිලෝ ග‍්‍රෑම් 803 ක් අත්අඩංගුවට ගෙන කොරෝනා වසංගතය නිසා ධීවරයන් 12 දෙනා හා ඔවුන්ගේ යාත‍්‍රාව ආපසු යැවීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
 
 ඔවුන් විසින් රැුගෙන එන ලද වියළි කහ සහ එනසාල් මුහුද මැදදීම විෂබීජාණුහරණයට ලක් කළ නාවික හමුදාව පරීක්ෂණ කටයුතු සඳහා ඒවා ගොඩ බිමට රැුගෙන විත් තිබේ. ඉන්දීය ධීවරයන් මෙම ද්‍රව්‍ය රැුගෙන එන ලද්දේ මුහුද මැදදී ශ‍්‍රී ලාංකික ධීවරයන්ට අලෙවි කිරීම සඳහා බවට නාවික හමුදාව විශ්වාස කරයි. මෙම ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. අන්තර්ජාතික මුහුදු සීමාව හරහා ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන මෙවැනි ජාවාරම් මැඬ පැවැත්වීමට සහ එම ජාවාරම් කටයුතු හේතුවෙන් සිදුවිය හැකි කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා වූ මුහුදු තීරය ආවරණය වන පරිදි අඛණ්ඩ මුර සංචාර සිදු කරමින් සිටින බව නාවික හමුදාව ප‍්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here