Monday, September 23, 2024

ළගඳීම කැපෙන ලැයිස්තුව මෙන්න

පසුගිය වසරේ ඔක්තෝබර් 22 වෙනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය සම්මත කර ගෙන වසරක් ගත වෙනවිට ඒ වෙනුවෙන් ඡන්දය දුන් මැති ඇමතිවරුන් ගණනාවක් කැපීයාමට නියමිත බව තොරතුරු රැසකින් තහවුරු වී තිබේ.


වාසුදේව නානයක්කාර, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුළු ඇමතිවරුන් ගණනාවක්ම ඉවත් කිරීම කෙරෙහි බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී ඇති බව විවිධ මාධ්‍ය වාර්තාවලින් හෙළිවී තිබේ.


මේ අතර මන්ත්‍රීවරුන් ගණනාවක් ඉවත් කිරීම පිළිබඳව ද ඔවුන්ගේ අවධානය යොමුවී ඇත. ලබන මස 12 වෙනි දින ඉදිරිපත් කරන අයවැය සම්මත කර ගැනීමෙන් පසුව මෙම පිරිස ඉවත් කරන්නේ ද, නැතහොත් එයට පෙර ඉවත්වීමට ඉඩහැර අයවැය ඡන්ද විමසීමෙන් තමන් සතු බලය තීරණාත්මකව ප්‍රදර්ශනය කරන්නේද යන්න පිළිබඳව රාජපක්ෂවරුන් අතර අවසන් තීරණයක් නැති බව වාර්තා වේ.
අයවැය මගින් ඉතා අවම මුදලක් වෙන්වී තිබෙන ඇමතිවරුන් දැඩි නොසන්සුන්තාවයක සිටින අතර තව පිරිසක් රාජ්‍ය අමාත්‍යංශයකට හෝ උසස්වීමේ අපේක්ෂාවෙන් ද පෙළගැසී සිටින බව වාර්තා වේ.


මෙම සති අන්තයේ පුවත්පත් වාර්තා අනුව ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුම් තීව්‍රවී ඇති බව තහවුරුවී ඇත.

Lanka Truth

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles