Saturday, September 21, 2024

“ළඟම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය පාසල් 7000 ක ක්‍රියාත්මකයි..

“ළඟම පාසල හොඳම පාසල“ බවට පත් කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට පාසල් 7000ක් තුළ ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය  පවසයි.

දිවයිනේ සියලු  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුළ හඳුනාගත් පාසල් සුපිරි පාසල් ලෙස ප්‍රති නිර්මාණය කිරීම, නාගරික ජනප්‍රිය පාසල්වල පවතින තදබදය අවම කිරීම සහ සැමට සම අධ්‍යාපන අවස්ථා ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බව සඳහන්ය.

ළඟම පාසල හොඳම පාසල බවට පත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 6400ක් වන අතර එක් එක් පළාතකට රුපියල් මිලියන 50 සිට 400 දක්වා ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය යටතේ පාසල්වල ජලය, විදුලිය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම  මෙන්ම භාණ්ඩ, උපකරණ හා මානව සම්පත් සංවර්ධනයද සිදු කෙරෙන බව එම අමාත්‍යාංශය කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles