ළබන වසරේ වැට් අඩු කරනවා – මුදල් ඇමැති රවී

0
406

වැට්බද්ද ඊළඟ වසරේ අඩු කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද(09)බ්ලුමැන්ඩල් පෙදෙසේ අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

වැට් බද්ද හෝ ජාතිය ගොඩනැඟීමේ බද්ද යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදුව ඇති බවත්, ඒ දෙකෙන් ජනතාවට අඩු බරක් පැටවෙන්නේ වැට් බද්දෙන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ ආකාරයට බදු වැඩිකරමින් ආදායම තර කර ගැනීමට සිදුව ඇත්තේ පසුගිය කාලයේ රාජපක්ෂවරුන් විසින් ආර්ථිකය විනාශ කිරීම නිසා බව හෙතෙම කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීයෙකු ඇසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සාලාව අවි ගබඩාවේ පිපුරුමෙන් හානිවූ ජනයාට වන්දි ‍ගෙවීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නංවා ඇති බවයි.

එහෙත් කළමනාකරුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ දුර්වලතා නිසා යම් ප්‍රමාදයක් සිදුව ඇති බව තමන් පිළිගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here