ළමාරක්ෂක අධිකාරියේ නිලධාරියෙක් ළමයෙක් අපයෝජනය කරලා?

0
319

ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන අන්තර් පාඨශාලයීය විවාද තරගාවලියක් අතරතුර එම අධිකාරියේ නිලධාරියෙකු විසින් ළමයෙකු අපයෝජනයකට ලක්කිරීම පිළිබඳ එම අධිකාරියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ විමර්ශන කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීම නිසා යට ගැසීමට උත්සාහ දරන බවත් ‘අද’ පුවත්පතට වාර්තා වේ.

වයඹ පළාතේ උසස් විදුහලක ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍ය‘යෙකු මෙලෙස අපයෝජනයට ලක් වී ඇති බවට එම විදුහලේ ගුරුවරයෙකු විසින් ළමාරක්ෂක අධිකාරියේ හදිසි පැමිණිලි අංක 1929 ට පසුගිය බ්‍රහස්පතින්දා (27දා)පැමිණිල්ලක් යොමු කර ඇති බවත්, එසේම වයඹ පළාත් පරිවාස නිලධාරීන්ටද එම පැමිණිල්ල යොමුකර ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

ළමාරක්ෂක අධිකාරියේ නීති අංශය මගින් මෙහි විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණද එහි ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීම නිසා විමර්ශන කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බවද අභ්‍යන්තර නිලධාරියෙක් ‘අද’ ට සඳහන් කළේය. තතු වාර්තාවීමෙන් පසු මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස අදාළ විෂය භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය නියෝග කර ඇතැයිද ‘අද’ ට වැඩිදුරටත් වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here