ළමා අපයෝජන නඩු ඉක්මනින් විභාග කිරීමට චක්‍රලේඛයක්

0
462

මහා අධිකරණ වල පවතින ළමා අපයෝජන නඩු විභාග කිරීම කල් ගත වීම අවම කිරීමට අදාල චක්‍රලේඛයක් අධිකරණ සේවා කොමිසම විසින් සියලුම මහා අධිකරණ විනිසුරුවරුන් වෙත නිකුත් කර තිබෙනවා.

ළමා අපයෝජන නඩු විභාග වීම පමා වීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කල ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ළමා අපයෝජන නඩු වලට ප්‍රමුඛත්වය ලබාදීම මහා අධිකරණ විනිසුරුවරුන්ගෙන් බලාපොරොත්තු වන බව එහි වැඩිදුරටත් සඳහන් වනවා. (colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here