Sunday, September 22, 2024

ළමා වාට්ටුව කොවිඩ් අවධානමක

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන පුද්ගලයින්ගෙන් සිදුකරන අහඹු පීසීආර් පරීක්ෂණ තුළින් දෛනිකව ආසාදිතයින් 5 දෙනෙකු පමණ හඳුනාගැණෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අඛණ්ඩව සිදුකරන බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා,

“රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීමට එන පිරිස් අපි පරීක්ෂාවට ලක්කරනවා. ඒ අවස්ථාවේ දී දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 5 ක් හෝ 6ක් දරුවන් හෝ මව්වරු හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා කොවිඩ් 19 ආසාදනය තිබෙන බවට. ඒ තුළින් අපට කියැවෙනවා ඔබට යම්කිසි අවදානමක් තියෙන්න පුළුවන් කොරෝනා රෝගය වැළඳිලා ඇත්ත නැද්ද කියන කාරණය පිළිබඳව. ඒ වගේම දරුවන් 70කට පමණ ආසන්න ප්‍රමාණයකට මේ වන විට අපි සොයා ගෙන තිබෙනවා මේ දෙවැනි රැල්ල තුළින්. මේ සෑම අවස්ථාවකම අපි දැකලා තියෙන දෙයක් තමයි දවස් 20 සිට අවුරුදු 14 දක්වා වු දරුවන් මේ අතර ඉන්නවා. වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඉතා කුඩා දරුවන්. මේකට ප්‍රධාන හේතුව දෙමාපියන් වැඩි වශයෙන් දරුවන්ට ස්පර්ශවීමට හා භාහිර සමාජයට ගැටෙන්න ඉඩ දුන්න නිසයි දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසයි දරුවන්ට මේ රෝගය වැළඳී තියෙන්නේ.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles