ළමා හිංසන අධිකාරියට කියන්න අංකයක්

0
685

අන්තර්ජාලය තුළ සහ ජංගම දුරකථනවලින් ළමුන්ට ලිංගික වශයෙන් හෝ වෙනත් ආකාරවලින් හිංසා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 077 32 20 032 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ කෙටි පණිවිඩ යොමු කිරීමෙන් මෙන්ම වට්ස් ඇප්, වයිබර් වැනි තාක්ෂණය උපයෝගී කරගනිමින් එම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

අන්තර්ජාලය සහ ජංගම දුරකථන හරහා ළමුන් විවිධාකාරයෙන් හිංසනයට සහ හිරිහැරයට පත් කිරීමේ සිදුවීම් දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින් ළමා ආරක්ෂක අධිකාරිය මෙම පියවර ගෙන ඇත.

මෙම දුරකථන අංකය හෙට සිට අගොස්තු මස 22වනදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here