ළමුන් ත්‍රස්ත ක්‍රියා සදහා යොදාගන්නා කණ්ඩායම් 50 ක්.

0
494
Children hold onto water containers in al-Hol camp, Syria, January 8, 2020. REUTERS/Goran Tomasevic SEARCH "ISLAMIC STATE PRISONERS" FOR THIS STORY. SEARCH "WIDER IMAGE" FOR ALL STORIES.

ත්‍රස්තවාදය සඳහා ළමයින් යොදා ගන්නා කණ්ඩායම් පනහක් පමණ පිළිබදව, නවතම වාර්තාවක් තොරතුරු අනාවරණය කර තිබේ.

ඇමරිකා හා යුරෝපයේ ත්‍රස්ත විරෝධී ආයතන, අප්‍රිකාවේ හා ආසියාවේ තරුණ පිරිස් ත්‍රස්තවාදී බඳවාගැනීම් පිළිබදව කඩිනම් අවධානය යොමු කළ යුතුව ඇති බව මෙම අල්අරාබියා වාර්තාව මගින් පෙන්වා දී ඇත.

වයස අවුරුදු 15ට අඩු දරුවන් ප්‍රචණ්ඩත්වය සදහා යොදා ගැනීම යුධ අපරාධයක් වුවද තවමත් රටවල් 15කට වැඩි ප්‍රමාණයක හා රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කණ්ඩායම් 58ක පමණ ළමයින් තම බලකායන් වලට බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදු කරන බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

රටවල් 34කින් පමණ තරුණ සටන්කරුවන් හදුනා ගෙන ඇති අතර අයි.එස්.අයි.එස් සංවිධානයේ තරුණ බඳවා ගැනීමේ හැකියාවද පෙර නොවූ ලෙස වැඩි වී ඇති බව ත්‍රස්ත විරෝධී ආයතන අනාවරණය කර තිබේ.

අප්‍රිකානු රටක් වන උගන්ඩාවේ 1987 වසරේ සිට යුද්ධය සදහා ළමයින් 20000කට වඩා පැහැර ගෙන ඇති අතර නයිජීරියාවේ බොකෝ හරාම් සටන්කාමීන් ද ළමයින් සමූහ වශයෙන් පැහැර ගැනීම් සිදු කර තිබේ.

බටහිර ආසියානු රටක් වන ඉරාකය තුළ ද පාසල් හා අනාථ නිවාස වල ළමයින් දහස් ගණන් පැහැර ගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇත.

මොසුල් නගරයේ ළමයින් 800ත් 900ත් අතර සංඛ්‍යාවක් ආගමික හා හමුදා පුහුණු වීම් සදහා අයි.එස්.අයි.එස් සංවිධානය බදවා ගෙන ඇති බවද සදහන් වේ.

ඉරාකයේ හා සිරියාවේ අයි.එස්.අයි.එස් සංවිධානයේ විදේශීය සාමාජිකයන් 40000ක් පමණ සිටින බවත් බාලවයස්කරුවන් 4640ක් පමණ ඊට අනුබද්ධව සිටින බවද වැඩිදුරටත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here