ෆයිසර් එන්නත දෙන්න හම්බන්තොටට ප්‍රමුඛතාව දුන්නේ කාගේ වුවමනාවටද?

0
306

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන් පසෙකලා ෆයිසර් එන්නත ලබා දීමට හම්බන්තොට දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාව ලබා දුන්නේ කාගේ වුවමනාවට දැයි වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය රජයෙන් ප්‍රශ්න කරනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ එම තීරණයේ පවතින අවශ්‍යතාව මහජනතාවට පැහැදිලිකළ යුතු බවයි.

වයස අවුරුදු 18 ට අඩු දරුවන් සදහා එන්නත්කරණය කිරීමට සැළසුම් කරන්නේ නම් එම කාණ්ඩයේ අත්‍යවශ්‍ය පිරිස සදහා ප්‍රමුඛතාව දිය යුතු බවද රවී කුමුදේශ් මහතා මෙහිදී ප්‍රකාශ කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here