ෆයිසර් කොවිඩ් එන්නත ඊශ්‍රායලයටත්

0
813

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව හඳුන්වාදුන් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතෙහි ඊශ්‍රායලය ඇණවුම් කළ පළමු තොගය එරටට ලැබී තිබේ.

එන්නතෙහි මාත්‍රාවෙන් මිලියන 8 ක් ඇණවුම් කර ඇති අතර ඉන් පළමු තොගය මෙලෙස එරටට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ වසංගතයේ අවසානය මෙතැන් සිට ආරම්භ වන බවය.

තම පුරවැසියන් සඳහා එන්නත ලබාදීම ඉතා වැදගත් කොට සලකන අතර අදාළ එන්නත ලබාගන්නා එරට පළමු පුරවැසියා වීමට තමන් අදහස් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව හඳුන්වාදුන් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත පළමු වරට ඊයේ (08) දිනයේ සිට එන්නත් කිරීම ආරම්භ කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here