ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට

0
281

අද (20) උදෑසන ඹෟෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කළ ෆයිසර් එන්නත් මාත්‍රා 842,400ක් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

කිලෝග්‍රෑම් 4,360ක බරින් යුත් මෙම එන්නත් පෙට්ටි 130ක අසුරා, ඇමෙරිකාවේ සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත ගුවන් මඟින් ගෙනැවිත්, එතැන් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන විත් ඇති බව සඳහන්.

ඉන්පසුව මෙම එන්නත් තොගය අද දින උදෑසන 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇත.

මෙම එන්නත් සෙල්සියස් ඍණ 80 ක (- 80C° ) රදවා තබා ගත යුතු අතර, ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here