ෆයිසර් 3 වැනි මාත්‍රාවේ අතුරු ආබාධ 2 වැන්න හා සමානලු

0
380

ඊශ්‍රායලයේ කළ මූලික සමීක්‍ෂණයකට අනුව, ෆයිසර් කොවිඩ්-19 මර්දන එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් බොහෝ දෙනෙකුට දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වූවාට වඩා සමාන හෝ අඩු අතුරු ආබාධ දැනී තිබේ.

ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම මන්දගාමී කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට මීට දින 10කට පමණ පෙර සිට ඊශ්‍රායලය බූස්ටර් එන්නත් මාත්‍රාවක් හෙවත් තෙවැනි මාත්‍රාවක් ලබාදීම ආරම්භ කළේය.

විශේෂයෙන්ම එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් මෙවැනි තෙවැනි මාත්‍රාවකට අනුමැතිය ලබාදීමට පෙරම ඊශ්‍රායලය තෙවැනි මාත්‍රාව සඳහා පරීක්‍ෂණ භූමියක් බවට පත්විණි.

ඊශ්‍රායලයේ විශාලතම සෞඛ්‍ය සේවා සපයන්නා වන ක්ලැලිට් පැවසුවේ 240,000කට අධික පිරිසකට මේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙහි තෙවැනි මාත්‍රාවක් ලබාදී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here