ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හංගේරියාවට

0
376

ශුද්ධෝත්තම අතිඋතුම් පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ ඊයේ හංගේරියාවට පැමිණ තිබෙනවා.

ඒ, උන්වහන්සේගේ මධ්‍යම යුරෝපානු සංචාරය ආරම්භ කරමින්.

එම සංචාරයේදී හංගේරියාවේ මෙන්ම ස්ලෝවැකියාවට පැමිණීමටයි පාප්වහන්සේ සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ඊයේ හංගේරියාවට පැමිණි උන්වහන්සේ පැය 07 ක වැනි කෙටි කාලයක් එරට බුඩාපස්ට් නුවර රැඳී සිට තිබුණා.

ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ හංගේරියාවෙන් පිටත් වූ ශුද්ධෝත්තම අතිඋතුම් පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ ස්ලෝවැකියාවට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

උන්වහන්සේ ස්ලෝවැකියාවේ දින 04 ක් රැඳී සිටීමට නියමිත බව ද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here