ෆින්ලන්තයත් නේටෝ සංවිධානයට එක්විය යුතු බවට ඉල්ලීම් කරයි

0
246

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මෙතෙක් යුරෝපයේ මධ්‍යස්ථ රටක් ලෙස සැලකුණු ෆින්ලන්තය ද නේටෝ සංවිධානයට එක්විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.

අසල්වැසි මෝල්ඩෝවා බෝල්ටික් රාජ්‍යයටද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව සඳහන්.

ඓතිහාසික වශයෙන්ම මධ්‍යස්ථ සහ ආරක්ෂිත රටක් ලෙස සැළකෙන ෆින්ලන්තය 1939 දී ස්ටාලින්ගේ සෝවියට් හමුදා විසින් ආක්‍රමණය කළ අතර, එහිදී ඔවුන් පරාජය කිරීමට ෆින්ලන්තය සමත්වුණා.

ස්කැන්ඩිනේවියානු රටවල් වන ෆින්ලන්තය සහ ස්වීඩනය මෑත කාලයේදී නේටෝවට සහාය දක්වන ප්‍රකාශ නිකුත් කිරීම පවා රුසියාවේ උදහසට ලක්වූ කරුණක්.

මේ නිසා රුසියානු යුද ගුවන් යානා තර්ජනාත්මක ලෙසින් ස්වීඩන ගුවන් තලය ආක්‍රමණය කරන බවට ද තොරතුරු වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here