ෆින්ලන්තය ලෝක සතුට දර්ශකයේ පළමු තැන ගනිද්දී ශ්‍රී ලංකාව 127 වැනි ස්ථානයට පත් වෙයි

0
281

එක්සත් ජාතීන්ගේ 2022 ලෝක සතුට වාර්තාවේ ශ්‍රී ලංකාව 127 වන ස්ථානයට පත්ව ඇති අතර ගිය වසරේ මෙන්ම මෙි වසරේ ෆින්ලන්තය ලොව සතුටින්ම ජනතාව සිටින රට ලෙස නම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තිරසර සංවර්ධන විසදුම් ජාලයේ මෙහෙයවීමෙන් මෙම වාර්තාව ගණනය කරනු ලබයි.

පසුගිය වසරේ ලෝක සතුට වාර්තාවේ රටවල් 149ක් අතරින් ශ්‍රී ලංකාව 129 වැනි ස්ථානයේ පසුවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව එම දර්ශකයේ හිමිව ඇත්තේ 127වන ස්ථානන වේ.

මෙම දර්ශකය අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාව 129 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව ස්ථානය දෙකක් ඉදිරියට පැමිණ තිබුණා.

මෙහි පළමු ස්ථානයට ෆින්ලන්තයත් අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානයත් පත්ව තබේ. අසල්වාසී ඉන්දියාව 139 වැනි ස්ථානයෙත් පාකිස්තානය 121 වැන ස්ථානයෙන් පසුවෙයි. නේපාලය 84 වැනි ස්ථානයේත් බංග්ලාදේශය 94 වැනි ස්ථානයෙත් පසු වනවා.

මෙම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ආසියාවේ කිසඳු රටක් මුල් ස්ථාන 20 අතරට ඇතුළත් වන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here