ෆෙඩරල් රාජ්‍යක් අවශ්‍යයි

0
338

ඒකීය ව්‍යවස්ථාවකින් කිසිදු ඵලක් නැති බවත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පැවැසීය.

ඔහු මේ බව පැවසුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය පෙරේදා (10) බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

“එක්සත් රටක බලය බෙදනවා නම් හරි. ඒකීය කිව්වාම තමයි අපට ප්‍රශ්නේ එන්නේ. මෙච්චර දවස් ඒකිය නිසා තමයි ඔච්චර ප්‍රශ්න තියෙන්නේ. දැනුත් 13 වැනි සංශෝධනය යටතේ අපට කිසි දෙයක් හරියට කරගෙන යන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ ඒකීය ව්‍යවස්තාවෙන් වැඩක්  නෑ. එක්සත්
ව්‍යවස්ථාවක් ගේන්න කියලා.

අපි ඊයේ මල්වතු හාමුදුරුවන් එක්ක කතා කළා. එයාගෙ හැටි එයාගේ චින්තනේ වෙන එකක්. මෙහේ  එක වෙනස්. අපේ චින්තනේ මොකද් කියලා දැන ගන්නවා නම් විතරයි ඉදිරියට යන්න පුලුවන්. එහෙම ගත්තාම  මේ සාකච්ඡාව හොද සාකච්ඡාවක්”.
යනුවෙන් මහ ඇමැති වරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here