ෆේල් වූ කාබනික පොහොර පාස් කරන්නැයි ජනාධිපති ලේකම් බලපෑම් කරලා..

0
345

චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පල ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීම යටතේ නැවතත් එම පොහොර අනුමත කිරීමට කටයුතු කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව ප්‍රමිති ආයතනය විසින් මෙම පොහොර මෙරට පොළවට සුදුසු බවට නිවේදන නිකුත් කරන්න සූදානම් වන බවද ඔහු පැවසීය.

මුලින් ප්‍රතික්ෂේප වූ පොහොර නැවත සුදුසු තත්ත්වයට පත් වන්නේ කෙසේදැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

අදාල පොහොර තොගය නිකුත් කරන්නැයි ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here