Facebook සමාගමට චෝදනාවක්

0
302

ෆේස්බුක් සමාගමේ සමාජ ජාල අඩවි සහ දුරකථන යෙදවුම් දරුවන්ට හානිදායක බවත් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන බවත් එහි හිටපු සේවිකාවක් වන ෆ්‍රැන්සිස් හෝගන් පවසන්නීය.

අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුකමිටුවක් ඉදිරියේ වාචික සාක්ෂි ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ෆේස්බුක් හි සමාජ ජාල මගින් තරුණ පරිශීලකයන්ට ඇතිවන ගැටලු සහ වෙනත් ගැටලු සම්බන්ධයෙන් අමෙරිකානු සෙනෙට් සභාවේ වාණිජ අනුකමිටුවක් එහි හිටපු සේවිකාවක වන ෆ්‍රැන්සිස් හෝගන්ගෙන් ප්‍රශ්න කර තිබුණි.

කමිටුව හමුවේ වාචික සාක්ෂි ලබාදෙමින් හෝගන් වැඩිදුරටත් පවසා තිබුණේ, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වඩා ආරක්ෂිත සමාජ ජාල බවට පත් කරන්නේ කෙසේද යන්න එහි නායකත්වය දන්නා නමුත් එවැන්නක් සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ ජනතාවට පෙර සිය අතිවිශාල ලාභය ගැන සලකාබලමින් බවය.

එම ගැටලුව විසඳීමට අමෙරිකානු කොංග්‍රසයේ මැදිහත්වීම අවශ්‍ය බවත් ඇය පවසන්නීය.

කෙසේවෙතත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසන්නේ මෑතකදී සිදුකළ මාධ්‍ය ආවරණ මගින් සිය සමාගම පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් මවා ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here