Tuesday, January 7, 2025

⁣රත්නපුර ප්‍රාදේශීය සභාවෙි අයවැයත් පොහොටිටුව පරාදයි

ලංකා පොදුජන පෙරමුණට බලය හිමි රත්නපුර ප්‍රාදේශීය සභාවේ අයවැය 2022 අයවැයට එරෙහිව එහි උප සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු විසින් පරාජයට පත් කරන ලදී.

රත්නපුර ප්‍රාදේශිය සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 36කි. පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 18ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 12ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 05ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 01ක් හිමිව තිබේ.

ඡන්දය විමසන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රත්න කනේගල්ල මහතා පැමිණ සිටියේ නැත. අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 18ක් ලැබිණි.

ඒ අනුව අයවැය එක ඡන්දයකින් පරාජයට පත් විය.

අයවැය ඡන්ද විමසීම රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුගත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අද පැවති මැතිවරණය සඳහා සබරගමුව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නම් කරන ලද නියෝජිතයින් තිදෙනෙකු ද පැමිණ සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු සහ ආණ්ඩු පක්ෂයේ ෂැංග්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles