වැටුපට ඉන්ධන දීමනා ලෙස ලක්ෂ 02ක්…

0
436

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දක්වා වැඩි කර තිබෙන බව වාර්තා වනසවා.

ඒ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයෙකුට ඉන්ධන දීමනා වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතරව වැටුපට බැර කිරීමට නියමිතව ඇත.

සෙසු ප්‍රදේශවල මන්ත්‍රීවරුනට ලක්ෂයක වැඩි මුදලක් මේ අනුව ඉන්ධන දීමනා ලෙස එකතු වීමට නියමිතව තිබේ.

මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා දීමනාව ලබා දී ඇත්තේ පසුගිය ජූනි මාසය දක්වා පැරැණි මිලට ඉන්ධන මිල ගණන් ගැලපීමෙනි.

ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ආසන්න කාලයේ දී පාර්ලිමේන්තු පැමිණියේ ඉතා අඩු වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here