ඉන්දියාවේ නගර සියයක් අලුත් වෙයි.

0
466

ඉන්දියාවේ නගර සියයක් නවීන තාක්ෂණික පහසුකම් සියල්ලෙන් සපිරි නගර ලෙස සංවර්ධනය කිරීමට එරට මධ්‍යම රජය තීරණය කර තිබේ.

සෑම ප්‍රාන්තයක්ම ආවරණය වන පරිදි තෝරා ගන්නා නගර සියයක් මෙලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර එහිදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වයක් හිමිවනු ඇත.

එරට නිවාස සහ නාගරික සබදතා අමාත්‍ය හර්දීප් පූරි සදහන් කරන්නේ මෙි වසරේ ජූනි මාසයේදී ආරම්භ කෙරෙන නව ව්‍යාපෘතිය තුළ සෑම නගරයකටම උපරිම ලෙස නවීන තාක්ෂණය හදුන්වාදීමටද සැලසුම් කර ඇති බවයි.

මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකිරීමට අපේක්ෂිත මුදල ඉන්දීය රුපියල් කෝටි 48,000 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here