Monday, September 23, 2024

11 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනය 2020 සඳහා සියල්ල සූදානම්

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනය (JITF) ජනප‍්‍රිය සන්නාම රාශියක් සමගින් ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතට සුවිශේෂී අගයක් එක්කරනු ලබයි. පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන අලෙවිය සහ ප‍්‍රදර්ශනය සඳහා මෙමගින් වැදගත් දොරටුවක් විවර කරන අතර, දිනෙන් දින දියුණුවන වෙළෙඳ පොලක් වෙත අවතීර්ණ වීමට ව්‍යාපාරික ආයතනයන්ට වටිනා අවස්ථාවක් හිමිකර දෙයි.

11 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙද ප‍්‍රදර්ශනය 2020 ජනවාරි මස 24 සිට 26 දක්වා යාපනය කොටුව අසල මුට්රවේලි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලූ කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි. “The  Gateway  to  the  North ” හෙවත් ‘උතුරට දොරටුවක්’ තේමාවෙන් පැවැත්වෙන JITF ප‍්‍රදර්ශනය දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාරිකයින් හා සමාගම් එකිනෙකා හමුවන වැදගත් වේදිකාවකි. වේගවත් සංවර්ධනයක් සහිත උතුරු අර්ධද්වීපයට ඉතා වැදගත් JITF ප‍්‍රදර්ශනය වෙළෙඳ කුටි 350කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත අතර, විශාල නිපැයුම් හා සේවාවන් ප‍්‍රමාණයක් පිළිබඳව නරඹන්නන් දැනුවත් කෙරෙනු ඇත.

යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (CCIY) ලබා දෙන සහයෝගයෙහි ශක්තිය සමගින් වාර්ෂිකව ජනවාරි මාසයේදී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන සේවා (පුද්ගලික) සමාගම (LECS) විසින් JITF ප‍්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි. යාපනය මහ නගර සභාව, ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය, කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය සහ යාපනය ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය මේ සඳහා විශාල සහයෝගයක් ලබා දෙන බවද සිහිපත් කළ යුතුය.

විශාල නිපැයුම් සංඛ්‍යාවක් අලෙවියට හා ප‍්‍රදර්ශනයට තැබෙන මෙම ප‍්‍රදර්ශනයේදී උතුරු පළාත වෙත සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යාපාරික ආයතනයන්ට මෙන්ම උතුරු පළාත තුළ ක‍්‍රියාත්මක ව්‍යාපාරයන්ට සිය වපසරියන් තවදුරටත් පුළුල් කරගැනීමට සහ තරගකාරී ව්‍යාපාරකරණයක නියැලීමට මෙය අගනා අවස්ථාවකි.

JITF 2020 අනුග‍්‍රාහකයි,
* ප්ලැටිනම් අනුග‍්‍රාහකත්වය – ඉන්සී සිමෙන්ති
* නිල ආහාර සහකරු – රුහුණු ෆුඞ්ස් පුද්ගලික සමාගම
*  නිල විදුලි සංදේශ සහකරු – මොබිටෙල් පුද්ගලික සමාගම
*  නිල පාවහන් සහකරු – ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ (පුද්ගලික) සමාගම
*  නිල රූපලාවන්‍ය නිපැයුම් සහකරු – බි‍්‍රටිෂ් කොස්මැටික්ස් (පුද්ගලික) සමාගම
*  නිල බලවේග උපකරණ සහකරු – ඞීසල් ඇන්ඞ් මෝටර් ඉංජිනියරිං පීඑල්සී

සෑම වර්ෂයකදීම 60,000කට අධික පේ‍්‍රක්ෂක සහභාගීත්වයක් යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනයට හිමිවන අතර 2,500කට අධික භාණ්ඩ ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනයට හා වට්ටම් සහිත අලෙවියට තබනු ලබයි. සෑම වයස් කාණ්ඩයකම පේ‍්‍රක්ෂකයින් වෙනුවෙන් විනෝදාත්මක අවස්ථා රාශියක්ද ප‍්‍රදර්ශන භූමිය තුළ සංවිධානය කර තිබේ. ළමා විනෝද ක‍්‍රීඩා ප‍්‍රදේශය, විවිධ ආහාර පාන වර්ග හා වටිනා ත්‍යාග ලබා දෙමින් පැයකට වරක් සිදුකරන දිනුම් ඇදීම් නිසා 2020 යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනය වඩාත් සුවිශේෂීභාවයක් උතුරු පළාතට රැගෙන එනු ඇත.

පසුගිය වර්ෂ කිහිපය තුළ යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනය හිමිකරගත් සාර්ථකත්වය පිළිබඳව ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන සේවා සමාගමේ (LECS) ප‍්‍රධාන විධායක නිලධාරී ආසිම් මුක්තාර් මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

‘‘මේ ප‍්‍රදර්ශනය හරහා ව්‍යාපාරිකයින්ට උතුරු පළාතේ ඇති ව්‍යාපාරික අවස්ථා පිළිබඳව දැනුවත්වීමට හැකියාව ලැබෙනවා. අප පළමුවරට ප‍්‍රදර්ශනය සංවිධානය කළ අවස්ථාවේදී මුල් දිනයේදීම අප සමග සම්බන්ධ වූ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ප‍්‍රදර්ශන කුටි වසා දැමීමට සිදුවූයේ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි වී අවසන් වූ නිසයි. පසුගිය වර්ෂ කිහිපය තුළ උතුරු පළාතේ ක්ෂේත‍්‍ර බොහෝමයක ශීඝ‍්‍ර සංවර්ධනයක් අපට දැකගන්නට ලැබුණා. ඒ වගේම එම කලාපය තුළ විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට විශාල කාර්යභාරයක් ඉටුකිරීමට හැකියාව තිබෙනවා. එම නිසා එම ක්ෂේත‍්‍රයන්ට මෙම ප‍්‍රදර්ශනය ඉතාම වැදගත් අවස්ථාවක් වනවා නොඅනුමානයි.’’ යැයි කීය.

එකොළොස් වැනි වරටත් පවත්වන JITF ප‍්‍රදර්ශනය ඉදිකිරීම්, සත්කාරක, ආහාර පාන සහ නිෂ්පාදන, රථවාහන නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ, මුල්‍යසේවා, ඇඟළුම්, කෘෂිකර්ම, පාරිභෝගික භාණ්ඩ සහ තවත් බොහෝ ක්ෂේත‍්‍රයන්හි සන්නාමයන්ගේ දියුණුව සඳහා වැදගත් අවස්ථාවක් වනු ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles