Sunday, September 22, 2024

ගාල්ල කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසෙයි

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති අතර ඒ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කර තිබේ.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23ක් මෙලෙස වසා දමා ඇති අතර කෙසේ වෙතත් ලබන වසරේ සිට පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කරනවා.

එම තීරණය ගෙන ඇත්තේ දකුණු පළාත් කොවිඩ් කළමනාකරණ කමිටුව ගත් තීරණයකට අනුව බවත්’ මේ වර්ෂය සඳහා පාසල් පැවැත්වෙන්නේ ලබන සතියේ සඳුදා සිට බදාදා දක්වා බැවින් එදින දක්වා පාසල් වසාතැබෙන බව පැවසෙනවා.

ඒ අනුව ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ එම පාසල් නැවත ඇරඹෙන්නේ ලබන 2021 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමගයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles