ධම්මික පැණිය’ වට්ටෝරුව වාසු හෙලි කරයි.. වාසුගේ ගෙදරත් එම පැණිය හදයි.. පැණිය බොන්න ඔහුත් පෝලිමේ.

0
382

කැලණි ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා මර්ධන ඖෂධය ලබා ගැනීමට තමන්ද ඉතා කැමැත්තෙන් සිටිනා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එය ලබා ගැනීම සඳහා දැනටත් ක්‍රියා කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

කාලි මෑණියන්ගේ වරමකින් ලබාදුන්නේ ද නැද්ද යන නොව එහි අඩංගුව ගැන සොයා බැලීම වටිනා බවද පැවසූ ඔහු ඇතැමුන් විසින් මෙය විහිළුවක් බවට පත් කර ඇතැයි ද සඳහන් කළේය.

වරම ලැබුණේ කාගෙන්ද යන්නට වඩා එහි අඩංගුව ගැන සොයා බැලිය යුතු බවද කී ඔහු මී පැණි, සාදික්කා, කොත්තමල්ලි, අමු ඉගුරු යන්න එම ඖෂධයේ අඩංගුව බවද පැවසීය.

ඒ අනුව එම ඖෂධ යොදා තමන්ගේ නිවසේ ද එම පැණිය සාදමින් සිටින බවද ඔහු කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here