12 වැනි රණවිරු සැමරුම අද

0
580

සැමරුම් උළෙළ අද පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රණවිරු සේවා අධිකාරිය සංවිධාන කරනු ලබන මෙම සැමරුම් උළෙල මෙවර පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේයි.

එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි තිස් වසරක යුද්ධයේදී මව්බිම වෙනුවෙන් සිය ජීවිත පූජා කළ
යුද හමුදාවේ 23,962 දෙනෙක්,
නාවික හමුදාවේ 1,160 දෙනෙක්,
ගුවන් හමුදාවේ 443 ක්,
පොලිසියේ 2,598 ක් සහ
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 ක් ඇතුළු සමස්ත රණවිරුවන් එහිදී සිහිපත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here