Saturday, September 21, 2024

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගැටලුව දිග්ගැස්සෙයි

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අර්බුදයට මේ වසරේ සිට හෝ විසදුමක් ලබා දිය යුතු බව ගුරු සංගම් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ජනප‍්‍රිය පාසැල් වල අතරමැදි ශ්‍රේණි සඳහා වරින් වර සිසුන් ඇතුළත් කිරීම හේතුවෙන් මෙම අර්බුදය මතු වීමට එක් හේතුවක් බවය.

2019 වසරේදී ද ජාතික පාසැල් 81ක අතරමැදි ශ්‍රේණි ස`දහා සිසුන් 6000ක් පමණ ඇතුලත් කර ඇති බවද ගුරු සංගම් සඳහන් කළේය. පළමුව කල යුත්තේ අතරමැදි ශ්‍රේණි සඳහා අත්තනෝමතික ලෙස සිසුන් ඇතුලත් කිරීම නතර කිරීම බවයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් පැවසුවේය.

විද්වතුන් හා සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙලෙස කඩඉම් ලකුණු පහල යාමෙන් දෙමාපියන් විසින් දරුවන් වෙත කරන පීඩනය තවත් වැඩි වනු ඇති බවයි. එය යහපත් තත්ත්වයක් නොවනු ඇති බවද ඔවුන්ගේ අදහසය. ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉහල අගයක් ගැනීම වැලැක්වීම සදඟා දැන් හෝ පියවර ගත යුතු බවයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ද ප‍්‍රකාශ කළේය.

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන්ද විමසීමක් කලා. එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙලෙස අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කර ඇත්තේ නිසි අනුමැතියකින් බවය.

ජාතික පාසල්වලට අතරමැදි ශේණි සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ක‍්‍රමවේදය පුළුල් කිරීම සම්බන්ධයෙන් 2019 වසරේදී එවකට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබූ බවයි නෙත් නිවුස් කල සොයා බැලීමකදී හෙලි වුණේය. ඒ අනුව 2019 වසරේ සිට අතරමැදි ශේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම සඳහා ඉල්ලූ‍ම් කරන අවස්ථාවේදී පවතින පුරප්පාඩු සංඛ්‍යාව හඳුනා ගැනීමේ අවස්ථාව මව්පියන්ට සලසා දීමටයි පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය ඉකුත් සැප්තැම්බර් මාසයේදී තීරණය කලේ ජාතික පාසැල්වල අතරමැදි ශේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමටය. මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ ජාතික පාසැල් 373ක ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු ගැටළුව මතුව ඇති බවය. ජාතික පාසැල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණයත් සමඟ මෙම ගැටළුවට විස`දුමක් ලැබෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේවෙතත්, ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ආසාමානය ලෙස ඉහළ දමා ඇති බව පවසමින් මව්පියන් පිරිසක් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles