13 න් ඔබ්බට ගිය බල බෙදීමක් අවශ්‍යයි – රවුෆ් හකීම්

0
280

13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ලබාදෙන ලෙස රජයට බල කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පවසයි.

ඊයේ (12) පැවති දෙමළ හා මුස්ලිම් පක්ෂවල නියෝජිතයන්ගේ සාකච්ඡාවෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පළාත් සභා ඡන්දය අනිවාර්යයෙන්ම පවත්වන ලෙස රජයට බල කරන බවද ඒ මහතා කීය.

දෙමළ බස මව් භාෂාව කරගත් ජනතාව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂවල නියෝජිතයන් අද ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහි අවසන් එකඟතා ලබන 21 වැනිදා රටට හෙළිකිරීමට අපේක්ෂිත බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here