Saturday, September 21, 2024

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකරන්නැයි ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක්

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සම්පත් හොඳින් හෝ නරකින් අනිසි ලෙස පරිහරණය කරන බවට චෝදනා එල්ලවී තිබෙනවා.

එමෙන්ම එම චෝදනා මධ්‍යයේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස දෙමළ පක්ෂවල ඉල්ලීම පිළිබඳව විවාදයක් මතුව ඇති බව සඳහන්ය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස දෙමළ ජාතික සන්ධානය, ඉගංගෙයි තමිල් අරුසකච්චි, තමිල් මක්කල් කූට්ටනී, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ටෙලෝ සහ දෙමළ ජාතික පක්ෂය යන පක්ෂ 7 ක නායකයින් විසින් පසුගියදා විශේෂ ලිපියක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙතට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මගින් ලබා දීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙම ඉල්ලීමට විරුද්ධ බව සඳහන් වෙි.

එම පක්ෂය ඊයේ ඉරිදා (30) නල්ලූර් සිට පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගය හරහා මුත්තිරායි හන්දිය දක්වා පාගමනින් පැමිණ මෙම තීරණයට එරෙහිව මහජන උත්සවයක් සංවිධානය කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගංජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතාගේ නායකත්වයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට තිබූ බව දැනගන්නට ලැබේ.

ඉඩම් බලතල පොලිස් බලතල වැනි බලයන් පලාත් සභා වෙතට ලබාදීම මගින් උතුරේ ජනතාවට ඉඩම් ගැටලු ඇතුලු ගැටලු සියල්ලකටම විධිමත් විසඳම් ලබා දිය හැකි හෙයින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකල යුතු බවටද ඔවුන් පවසා සිටියේය.

විරෝධතා කරුවන් පවසා සිටියේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කලද එයින් දෙමළ ජනතාවට කිසිම විසදුමක් නොලැබෙන බවයි. එනිසා 13 ටත් එහා ගිය බලයක් උතුරු නැගෙනහිර ජනතාවට අවශ්‍ය බවත්ය.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පැවසුවේ දෙමළ පක්ෂ රැසක් සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවයි.

රජයට අවශ්‍යව ඇත්තේ දෙමළ ජනතාවගේ සහය ඇතිව ක්‍රමානුකූල ව්‍යවස්ථාවක් සම්මත කළ බව මවා පෑමට බවත් ඉන්දියාව ඒකීය රාජ්‍යයක් පිහිටුවීමෙන් ජාතික ගැටලුවට විසඳුම් ලැබෙන බවට පැවසුවද පළාත් සභාවලට බලයක් නොමැති බවද ඔහු සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles