Thursday, January 23, 2025

සෙල්ෆියට ඉඩදුන් ජේලර්ට වුණු දේ (වීඩියෝ)

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඒ බව පැවසීය.

ඊයේ (08) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා “සෙල්ෆි“ ඡායාරූපයක් ලබාගෙන තිබේ.

එය පසුව හර්ෂණ රාජකාරුණා මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි. 

තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, අදාළ ජේලර්වරයාගේ වැඩ තහනම් කරනු ලැබුවේ, මන්ත්‍රීවරයාට සිය ජංගම දුරකථනය රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඉඩලබා දීම නිසා බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු බන්ධනාගාර කොමසාරිස්වරයා,

“මෙම අවස්ථාවේදී මෙම සිරකරුවා පෙන්වීම බන්ධනාගාර අධිකාරිවරයා ජේලර්වරයකු ට භාර දීල තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයට ඇතුළත් වෙනකොට සියලුම පුද්ගලයෝ තමන්ගේ අතේ තිබෙන දේවල් නිරාවරණය කරලා බන්ධනාගාරයට භාර දිය යුතුයි. නමුත් මෙම අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරයා ජංගම දුරකථනය විශේෂ කාර්ය බලකාය සෝදිසි කිරීමේදී ඔහු ඒක භාරදීලා නැහැ. විශේෂයෙන්ම මෙහිදී කියන්න ඕනේ මන්ත්‍රීවරුන් අපි බන්ධනාගාරයට ඇතුළු වෙනකොට බොඩි සර්ච් එකක් කරන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණහම ඒ ගෞරවය අපි රකින්න ඕනේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ බන්ධනාගාර ආඥා පනතේ ඒ බලතල අනුව මන්ත්‍රීවරයෙකුට බන්ධනාගාරයේ විසිට් කිරීම අවස්ථාව තිබෙනවා.“

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකර්ණා මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කරමින් ඒ මහතා කියාසිටියේ, “සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිතවත් දේශපාලන සඟයා රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට  යන්නට මා හට අවස්ථාවක් ලැබුණි. එම අවස්ථාවේදී  මේ වන විට ඔහු ගත කරමින් සිටින බන්ධනාගාර ජීවිතය පිළිබඳව යමක් වටහාගන්නට මා හට හැකි විය.“ යනුවෙනි.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles