Friday, September 20, 2024

15වයසැති පුතා අපයෝජනය කළ 38හැවරදි පුංචී වසර 21 ක් සිර ගෙට

යස අවුරුදු 15ක බාලවයස්කාර ඥාති පුතාව වසරකට අාසන්න කාලයක් තිස්සේ අපයෝජනය කරමින් සිටි බව කියන එම පුතාගේ නෑකමින් පුංචි අම්මා වන කාන්තාවක ඊයේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ බරපතළ වැඩ සහිත  21 අවුරුදු සිර දඩුවමකට ලක් වූවාය. ලංකාවේ මේ ආකාර අපයෝජන නඩු තීන්දුවක් ලබාදුන් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොතට එක්ව තිබේ.
මෙසේ සිර දඬුවම් නියම වූයේ කැකිරාව, මරදන්කඩවල, වලගම්බාහුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක කාන්තාවකටය. ඇය මීට වසර 10 කට පෙර වයස 38 ක්ව සිටියදී 2007 ජූලි මස සහ 2008 ජූනි මස අතර කාලය තුළ අනුරාධපුර මරදන්කඩවලදී තමන්ගේ සොයුරියගේ 15 හැවිරිදි පුත්‍රයා නිවසේ සවස් කාලයේ
බලාගන්නා බව පවසමින් එම දරුවාට විවිධ චාටු බස් කියමින් ශාරීරික අංග උත්තේජනය කර වැරදි ක්‍රියාවන්ට පොළඹවා තිබෙන බව පරීක්ෂණ වලදී සනාථවී තිබේ. එම දරුවාට ‘අපි සෙල්ලමක් කරමු‘ යයි යෝජනා කර දරුවා ලවා තම ශාරීරික ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගෙන තිබෙන්නේ අතිශය පිළිකුල් සහගත ආකාරයටය.

එම සියලු දේ රහස් වශයෙන් තබාගන්නටත් ඔහු නතු කරැගෙන තිබෙන මෙම පුංචි අම්මා කළ ක්‍රියාවන් පසු කලෙක අනාවරණය වී තිබෙන්නේ දරුවාට ඇතිව තිබෙන රෝගී තත්වයකට ප්‍රතිකාර ගන්නට මාපියන් සමග රෝහලට ගිය අවස්ථාවකදීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතා ඇතුළු හත් දෙනෙක් මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන් ලෙස දරුවාට එල්ලවූ පීඩාකාරී තත්වයන් පිළිබඳ කරුණු උසාවියට වාර්තා කර තිබුණි.
සිද්ධියට අදාළව විත්තිකාර කාන්තාව කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කලක් රිමාන්ඩ් බාරයට පත් කර සිටි අතර, නඩුවේ තීන්දුව ලබා දෙනතුරුම ඇය සිටියේ අධිකරණය මගින් නියම කර තිබූ ඇප මතය.

ඥාති පුතා  පුංචි අම්මා අතින් කිසිදු සැකයකින් තොරව ලිංගික අපයෝජයකට ලක්ව ඇති බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා තුනක් යටතේ වරදකාරිය බවට තීරණය වූ අතර විනිසුරු මහේෂ් වීරමන් එක් අධිචෝදනාවකට වසර හත බැගින් විසි එක් වසරක සිර දඬුවම මෙන්ම දඩ මුදල්ද ඇයට නියම කරන ලදි.
විත්තිකාරියට දඬුවම් නියම කළ අවස්ථාවේ ඇගේ පවුලේ ඥාතීහු අධිකරණ ශාලාවෙන් පිටත රැඳී සිටිමින් කැකෝ ගසා තිබෙන බවද වාර්තා වෙයි.
බාලවයස්කාර පිරිමි දරුවකුට ලිංගික අපයෝජනයක් කිරීමේ වරදකට කාන්තාවකට විසි එක් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබාදීමක් මින් ඉහත ලංකා ඉතිහාසයේ සිදුව නැත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles