154 වන ශ්‍රීමත් ඩී.බී.ජයතිලක අනුස්මරණ සැමරුම් උත්සවය

0
332


ජාතික වීරවර ශ්‍රීමත් ඩී.බී ජයතිලකයන්ගේ 154 වැනි ජන්ම දිනය සැමරුම් උළෙලට මහා භාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී, 2022.02.14 දින එක්වෙමින් මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ශ්‍රී ලoකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා , අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ,ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලි මහතා , සoස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා , ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය , පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුoග මහතා , මහාභාරකාර නීතිඥ ගනේෂ් ආර්.ධර්මවර්ධන මහතා , හිටපු ජනාධිපති නීතිඥ පී.ඒ.රත්නායක මහතා සහ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් ඊට සහභාගි වූහ .

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක සුධීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව කෙටි උත්සව සභාවක් ද පැවැත්විණි .එහිදී මහාභාරකාර දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර ගිවිසුමකට ද අත්සන් තැබිණි .

ඩී.බී.ජයතිලක මහතාගේ 154 වන ජන්ම දිනය පෙරේදා (13) වැනිදාට යෙදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here