16 වැනිදාට ජන දුක නිවාලන දැවැන්ත මහජන රැළියක් කොළඹ ක්‍රියාත්මක කිරීමට සූදානම්

0
309

රට විකුණනවා නම් ජනතාවත් එක්කම විකුණන්න කියා ජනතාව ඉල්ලා සිටින  තරමට වර්තමාන ආණ්ඩුව රට අගාධයකට දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පැවසීය.

ජාතික දේපල, ජාතික සම්පත් තුට්ටු දෙකට විකුණමින් මේ රට වෙන්දේසි ලන්තයක් බවට ආණ්ඩුව විසින් පත්කර ඇති බවත්  මේ රටේ ජනතාව රට බේරාගැනීමට නැගී සිටිනවා ද නැද්ද කියන එක තීන්දු කීරිමට කාලය එළඹී ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

කොලොන්නාව ආසනයේ සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක එස් එම් මරික්කාර් විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා ව්‍යාපාරයට ඊයේ (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්විය.

එම අවස්ථාවට සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ද එක්ව සිටියේය. වර්තමාන ආණ්ඩුවේ අන්තනෝමතික කටයුතු හේතුකොටගෙන රටපුරා ජනතාව සිටින අතර විරෝධතාවයට එක්වූ ජනතාව ඉල්ලා සිටියේ නිදහසේ නිවහල්ව  ජීවත් විය හැකි රටක් නිර්මාණය කොට දෙන ලෙසය.

එළඹෙන 16 වැනිදාට ජන දුක නිවාලන දැවැන්ත මහජන රැළියක් කොළඹ ක්‍රියාත්මක කිරීමට සූදානම් බව පැවසූ විපක්ෂනායකවරයා ඒ ජන ශක්තිය තුලින් මේ රටේ පොදුජන ආණ්ඩුවක් බිහි කරන බවද පැවසීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here