ජනපති නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි.

0
1025

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත්  කර ඇත.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් සලකා බලමින් ශේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here