18 පිරුණු ගමන් ඡන්ද අයිතිය දෙන්න පනතක්

0
292

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා ඡන්ද ලැයිස්තු මාස 04කට වරක් සකස් කිරිම සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සකස් කළ බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඡන්ද ලියාපදිංචි කිරීමේ සංශෝධනයෙන් පසු පෙබරවාරි මාසයේ 01 දින සිට මැයි මස 31 වෙනි දින දක්වාත්, ජූනි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 වෙනිදා දක්වාත්, ඔක්තෝබර් මස 01 දින සිට ජනවාරි මස 31 වෙනි දින දක්වාත් අලුත් ඡන්ද දායකයින්ට ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට අවස්ථාව ලැබෙන බව ද දිනේ්ෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මෙමගින් තරුණ පරම්පරාවට ඡන්දය ඉක්මනින් ලියාපදිංචි කරගැනීමේ අවස්ථාව මේ ලැබෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීමෙි විවාදය අරඹමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙි බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here