සිල්ලර කඩ වැහුවට සතොස සමූපකාර විවෘතයි,..! රට වැහුවොත් මැරෙන්නේ කොවිඩ්වලින් නෙමෙයි බඩගින්නේ…! – බන්දුල…

0
1102

දුර නොදකින පාර්ශ්වයක් මුළු රට ම වසා දමන ලෙස ඉල්ලා සිටින බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එය ජනාධිපතිතුමාට විනාඩි කිහිපයක් ඇතුළත ගතහැකි තීන්දුවක් වුවත් මේ රටේ කොවිඩ් ආසාදිතයින් නොවන කෝටි ගණනක් ජනතාවගේ කුසගින්න පිළිබඳ ආණ්ඩුව සිතාබැලිය යුතු බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

රට පුරා සියලු සිල්ලර වෙළඳසැල් වසා දැමුව ද ගැටලුවක් නැති බවත් සියලු සතොස සහ සමූපකාර විවෘතව තබන බවත් බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය. එම වෙළෙඳසැල් විවෘත කරන ලෙස කිසිවෙකු බලපෑම් නොකරන බවටත් හෙතෙම සහතික විය.

එහෙත් ආනයන අපනයන වෙළෙඳාම සහ පොදු හුවමාරුව නතර නොකරන ලෙසත් එසේ කළහොත් ජනතාව කන්න නැතිව මිය යනු ඇති බවටත් ඇමැතිවරයා අනතුරු ඇඟවූයේ ය.

ඊයේ (19) පිටකොටුවේ තොග වෙළෙඳසැල් නිරීක්ෂණයට එකතු වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

Emanisa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here