19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ජය ගනී

0
343

බටහිර ඉන්දිය කොදෙව් දුපත්හි ජෝර්ජ් ටවුන්හි පැවති අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ස්කොට්ලන්තය හමුවේ ලකුණු 40 ක ජයක් වාර්තා කළේය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19 න් පහළ පිල ඕවර 45 යි පන්දු 02 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 218 ක් පමණි. එහිදී බොහෝ පිතිකරුවන් අසාර්ථක වන අවස්ථාවක සකුණ ලියනගේ ලකුණු 85 ක් රැස් කළේය. ඊට අමතරව රවීන් ද සිල්වා රැස් කළ ලකුණු සංඛ්‍යාව 30 කි. ස්කොට්ලන්ත 19 න් පහළ පිල ඕවර 48 යි පන්දු 04 කදී රැස් කළේ ලකුණු 178 ක් පමණි. නායක දුනිත් වෙල්ලාලගේ දක්ෂ පන්දු යැවිමක නිරත වෙමින් ලකුණු 27 කට කඩුලු 05 ක් බිඳ හෙලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here