“1938” ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව ඇරඹෙයි

0
371

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් ‘1938’ ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හඳුන්වාදීමේ සමාරම්භක වැඩසටහන පසුගියදා පැවැත්වුණි.


ඒ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.


මෙම සේවාව හරහා දිවයිනේ ඕනාම ස්ථානයක සිට ගාස්තු රහිතව 1938 අංකය ඔස්සේ කාන්තාවන්ට සිදුවන අතවර, හිරිහැර ආදී අකටයුතුකම් ක්ෂණිකව දැනුම් දීමේ අවස්ථාව හිමිවනු ඇත .


මෙම වැඩසටහනට සමගාමිව 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවේ ජාතික දත්ත පද්ධතිය එළිදැක්වීම, ජාතික කාන්ත කමිටු නව සාමාජිකයින් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය, වනිතා විභව කාන්තා කමිටු ප්‍රකාශනය එළිදැක්වීම සිදුවිය.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, ජාතික කාන්තා කමිටු සභාපතිනි ශිරන්ති බ්‍රියටිස් දිශානායක මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here