කතරගම යන අයට රනිල්ගෙන් රුපියල් මිලියන 2ක්..

0
417

කතරගම ඇසළ උත්සවයට උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇත.

පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව මෙලෙස පහසුකම් සපයන ලෙසට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අදාළ පහසුකම් සැපයීම ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here