20 අහෝසි කර 19 යළි ගේන්නැයි රනිල්ගෙන් ඉල්ලීමක්

0
355

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර යළිත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බවත් මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු රජයට එය පිළිගැනීමට සිදු වී ඇති බවත් ඔහු පවසනවා.

වර්තමානයේ රට හමුවේ ඇති ආර්ථික අර්බුදය ඇතුලු අනෙක් ගැටලුවලට විසදුම් සෙවීම සදහා විපක්ෂය සමග සාකච්ඡා කර එකගතාවයකට පැමිණෙන ලෙසයි රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, පසුගියදා ජනාධිපතිවරයා අමාත්‍යවරුන් මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයාට දේශපාලන පළපුරුදු සීමා සහිත බව පිළිගත් බවත් එම නිසා අගමැතිවරයා ඉදිරියට පැමිණ පළපුරුදු කැබිනට් ඇමතිවරුන් සමඟ සාමූහිකව වැඩ කටයුතු සිදු කරමු යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි.

එය අනුව ආණ්ඩුව සිදු කළ යුත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යාම බවයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද (10) පෙරවරුවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here