20 – 29 අයට එන්නත්කරණය අද සිට

0
297

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්නත්කරණය අද සිට ආරම්භ කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව වර්තමාන එන්නත්කරණය සිදුකෙරෙන මධ්‍යස්ථානවලදී සහ සියලුම රෝහල්වලදී එම වයස් කාණ්ඩය සඳහා ද එන්නත් ලබාදීම සිදුකෙරෙනු ඇති.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් සඳහා පමණක් මෙම මධ්‍යස්ථානවලදී එන්නත් ලබාදීම සිදුකෙරෙන බවයි.

එමෙන්ම, කොළඹ පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය දියත උයන, විහාරමහාදේවී උද්‍යානය, පනාගොඩ සහ වේරහැර හමුදා රෝහල්වලදීද සිදුකෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here